සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් නොමිලයේ විදුලි සබදතා ලබාදීම හෙට සිට...!

විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගෙන් අදාළ අංශ වෙත උපදෙස්.

මාතර දිස්ත්‍රික්කයට අයත් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජනතාවගේ විදුලිය, ජලය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය කඩිනම් කළයුතු බවත්, ඒ අනුව ප්‍රදේශයේ විදුලිය නොමැති ජනතාව වෙනුවෙන් නොමිලයේ විදුලි සබදතා ලබාදීම 2021-02-09 සිට ආරම්භ කරන ලෙසත්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

ඊයේ (2021-02-08) පෙරවරුවේ මාතර තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්ම කරා රට මෙහෙයවමින්, සෞභාග්‍යමත් දේශයක හිමිකරුවන් වන රට වැසියාගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩපිලිවෙලේ තවත් එක් පියවරක් වශයෙන් ආරම්භ කිරීමට නියමිත මාතර තිහගොඩ නගර සංවර්ධනය කිරීමේ කටයුතු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, 2021 අවසන් වීමට ප්‍රථම රට විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන තම අමාත්‍යාංශය, මේ වනවිට එහි අවසන් අදියරට පැමිණ සිටින බවත්, දිළිදුබවේ තීරුවට අයත්වන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින් ඔවුන්ට නොමිලයේ විදුලි සබදතා ලබාදීමේ ප්‍රථිපත්තිමය තීන්දුවකට එළඹ ඇති බවත්ය. ඒ අනුව මේ වනවිට දිවයිනේ විදුලිය නොමැති පවුල් 118,000 අතරින් තිහගොඩ මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ පවුල් 33 ක් වෙනුවෙන් නොමිලයේ විදුලිය සබදතා ලබාදීම, හෙට සිට ආරම්භ කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ අංශ වෙත උපදෙස් සපයන ලදී. අදාළ පිරිස අතරින් දිළිදුබවේ උපරිමයේ සිටින පවුල්වල නිවාස වයරින් කිරීම පවා සහනදායි ක්‍රමයක් යටතේ සිදුකිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ප්‍රදේශයේ මෙතෙක් ජල පහසුකම් නොලැබ සිටින ජනතාව වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියද කඩිනමින් ආරම්භ කරන බවත්, අදාළ ව්‍යාපෘතිය තුළින් වසර 4 ක් ඇතුළත ප්‍රදේශයේ ජල පහසුකම් ලබාදිම 100% ක් බවට පත්කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පවසන ලදී. තවද ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවද අවධානය යොමුකළ අමාත්‍යවරයා, දැනට යෝජනාවී ඇති කිලෝ මීටර් 2 කින් යුත් නාදුගල ඇවිදින මංතීරු ඉදිකිමේ ව්‍යාපෘතිය කඩිනම් කළයුතු බවත්, ජනතාවගේ සනීපාරක්ෂක සේවාවන්ද සංවර්ධනය කළයුතු බවත් පැවසීය.
යටියන ස්ථාපිත කර ඇති පිගන් සංස්ථාවට අයත් කර්මාන්ත ශාලාවේ වර්ථමාන තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණ අතර විදුලිබල අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නෙ අදාළ කර්මාන්ත ශාලාව නවීකරණය කර නැවත ක්‍රියාත්මක තලයට රැගෙන ආයුතු බවයි. එසේම පසුගිය වකවානුව තුළ සාකච්ඡා කෙරුණ පරිදි ලංකා විදුලි සැපයුම් ලබාදීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය උපාංග වන Insulator නිපදවීමේ කාර්යය මෙම කර්මාන්ත ශාලාවේ සිදුකිරීමට ඇති හැකියාව පිළීබදවද අමාත්‍යවරයා සහ අදාළ අංශ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි. එසේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම රැකියා පිළිබදවද අවධානය යොමුකළ අමාත්‍යවරයා, වෘත්තීය පුහුණු පාඨමාලා විදිමත් කළයුතු බවත්, අදාළ පාඨමාලා NVQ 4 මට්ටම දක්වා ගෙන ආයුතු බවත් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තිහගොඩ ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ ප්‍රාදේශීය සභා නියෝජිතයන්ද ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන්ද සහභාගී වූහ.

146935677 1830833420401829 7105437032263758052 n

147593855 1830833630401808 3778347642556356556 n

147101844 1830833670401804 3852459449950019187 o

148145118 1830833753735129 8908264562907981953 n

 

News & Events

05
ජූනි2026
දක්ෂිණ ප්‍රභා Clean Sri Lanka

දක්ෂිණ ප්‍රභා Clean Sri Lanka

දක්ෂිණ ප්‍රභා Clean Sri Lanka 2026  ...

05
ජූනි2026
දක්ෂිණ ප්‍රභා  සෞඛ්‍ය සායනය සහ  දේශීය ආහාර  ප්‍රදර්ශණය

දක්ෂිණ ප්‍රභා සෞඛ්‍ය සායනය සහ දේශීය ආහාර ප්‍රදර්ශණය

දක්ෂිණ ප්‍රභා  සෞඛ්‍ය සායනය සහ  දේශීය ආහාර ...

13
ජන2025
Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ...

01
දෙසැ2022
සසොබා 2022

සසොබා 2022

"සසොබා 2022" තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කලා...

06
ඔක්2022
රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය සහ වෙහෙසකර...

21
සැප්2022
දිවි සවිය ජීවනාධාර වැඩසටහන

දිවි සවිය ජීවනාධාර වැඩසටහන

LOLC ආයතනය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව...

05
සැප්2022
ගෙවතු වගාව පිලිබඳ පුහුණු වැඩසටහන

ගෙවතු වගාව පිලිබඳ පුහුණු වැඩසටහන

තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධ්‍යස්ථානය...

Scroll To Top