පරිසරයට සාධාරණයක්...!!!
අංක 334-B කෝට්ටවත්ත ග්‍රාම නිලධාරී වසමේ රුක් රෝපණ වැඩසටහන කෝට්ටවත්ත ප්‍රධාන ඇල අසලදී 2021.03.22 දින තිහගොඩ ප්‍රාදේශීය ලේකම් තුමියගේ මඟ මගපෙන්වීමෙන් වසමේ ග්‍රාම නිලධාරී හා කාර්යමණ්ඩලය විසින් සිදු කෙරුණු අවස්ථාව







වාර්ෂික ස්ථාන මාරුවීම් ලැබු නිලධාරීන් හට තුති පුද කිරීම හා සමරු තිලිණ ප්‍රධානය....!!!!
තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සේවය කර මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් වශයෙන් උසස්වීම් ලැබූ ලක්මාලි තේනුවර මහත්මියටත්, වසර 30කට වැඩි සේවා කාලයක් සපුරා විශ්‍රාම ලැබූ තිලක් ශාන්ත ග්‍රාම නිලධාරී මහත්මාටත්, දීර්ඝ කලක් තිහගොඩ සමෘද්ධි අංශයේ සේවය කර ස්ථාන මාරු ලැබූ කීර්ති මහත්මා, නිරෝෂා මහත්මිය සහ චින්තා මහත්මියටත්, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්තව දිගු කලක් සේවය කල දුල්හාරි, සුරේඛා, ඉරේෂා සහ දිලීකා මහත්මීන්ටත්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ රියදුරු ලෙස සේවය කල කීර්තිරත්න මහත්මාටත් සුභාසිංශන එක් කිරීමට කාර්‍යාලයේ සුභසාධක සංගමය ඊයේ දින සංවිධානය කර තිබූ වැඩසටහනෙහි අවස්ථා..
















ඉහත වැඩසටහන අනුව pubad.gov.lk වෙබ් අඩවියෙහි මේ වනවිටත් ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනය අනුව තෝරාගත් උපාධිධාරීන් 2020.09.02 දින පෙ.ව. 8.30ට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කිරීමට කටයුතු කරන්න.
මේ වන විටත් චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි අදාළ ලේඛන ලබා නොදුන් අය වේ නම් එදිනටම (2020.09.02) පහත ලේඛන රැගෙන එන මෙන්ද සිහිකරමු.
අවශ්‍ය ලේඛන
- පත්වීම් ලිපියේ ජායා පිටපත
- උපාධි සහතිකය
- උපාධි සහතිකයේ විස්තරාත්මක ලේඛනය
- උප්පැන්න සහතිකය
- ජා.හැ.ප.
- බැංකු පාස්පොත (රජයේ බැංකුවක)
- රැකියාවක නියුතු නොවන බවට දිවුරුම් ප්‍රකාශය
- පදිංචි සහතිකය
- යම් අයකුගේ ලේඛනයේ සඳහන් නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ලිපිනය, කැඳවීම් ලිපියේ වෙනස් වේනම් ඒ සඳහා අභියාචනා, එම අභියාචනයේ කරුණු තහවුරු කරන ලේඛනයන් සමඟ එදිනටම ඉදිරිපත් කළ යුතුය (ඇමුණුම 02 සහ 03).
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර ස්ථාන මාරුවීම් අපේක්ෂිත අය සඳහා ඇමුණුම 04 පරිදි අයැදුම් කළ යුතුය.
සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් නොමිලයේ විදුලි සබදතා ලබාදීම හෙට සිට...!
විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගෙන් අදාළ අංශ වෙත උපදෙස්.
මාතර දිස්ත්‍රික්කයට අයත් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජනතාවගේ විදුලිය, ජලය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය කඩිනම් කළයුතු බවත්, ඒ අනුව ප්‍රදේශයේ විදුලිය නොමැති ජනතාව වෙනුවෙන් නොමිලයේ විදුලි සබදතා ලබාදීම 2021-02-09 සිට ආරම්භ කරන ලෙසත්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.
ඊයේ (2021-02-08) පෙරවරුවේ මාතර තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්ම කරා රට මෙහෙයවමින්, සෞභාග්‍යමත් දේශයක හිමිකරුවන් වන රට වැසියාගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩපිලිවෙලේ තවත් එක් පියවරක් වශයෙන් ආරම්භ කිරීමට නියමිත මාතර තිහගොඩ නගර සංවර්ධනය කිරීමේ කටයුතු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, 2021 අවසන් වීමට ප්‍රථම රට විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන තම අමාත්‍යාංශය, මේ වනවිට එහි අවසන් අදියරට පැමිණ සිටින බවත්, දිළිදුබවේ තීරුවට අයත්වන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින් ඔවුන්ට නොමිලයේ විදුලි සබදතා ලබාදීමේ ප්‍රථිපත්තිමය තීන්දුවකට එළඹ ඇති බවත්ය. ඒ අනුව මේ වනවිට දිවයිනේ විදුලිය නොමැති පවුල් 118,000 අතරින් තිහගොඩ මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ පවුල් 33 ක් වෙනුවෙන් නොමිලයේ විදුලිය සබදතා ලබාදීම, හෙට සිට ආරම්භ කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ අංශ වෙත උපදෙස් සපයන ලදී. අදාළ පිරිස අතරින් දිළිදුබවේ උපරිමයේ සිටින පවුල්වල නිවාස වයරින් කිරීම පවා සහනදායි ක්‍රමයක් යටතේ සිදුකිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ප්‍රදේශයේ මෙතෙක් ජල පහසුකම් නොලැබ සිටින ජනතාව වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියද කඩිනමින් ආරම්භ කරන බවත්, අදාළ ව්‍යාපෘතිය තුළින් වසර 4 ක් ඇතුළත ප්‍රදේශයේ ජල පහසුකම් ලබාදිම 100% ක් බවට පත්කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පවසන ලදී. තවද ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවද අවධානය යොමුකළ අමාත්‍යවරයා, දැනට යෝජනාවී ඇති කිලෝ මීටර් 2 කින් යුත් නාදුගල ඇවිදින මංතීරු ඉදිකිමේ ව්‍යාපෘතිය කඩිනම් කළයුතු බවත්, ජනතාවගේ සනීපාරක්ෂක සේවාවන්ද සංවර්ධනය කළයුතු බවත් පැවසීය.
යටියන ස්ථාපිත කර ඇති පිගන් සංස්ථාවට අයත් කර්මාන්ත ශාලාවේ වර්ථමාන තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණ අතර විදුලිබල අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නෙ අදාළ කර්මාන්ත ශාලාව නවීකරණය කර නැවත ක්‍රියාත්මක තලයට රැගෙන ආයුතු බවයි. එසේම පසුගිය වකවානුව තුළ සාකච්ඡා කෙරුණ පරිදි ලංකා විදුලි සැපයුම් ලබාදීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය උපාංග වන Insulator නිපදවීමේ කාර්යය මෙම කර්මාන්ත ශාලාවේ සිදුකිරීමට ඇති හැකියාව පිළීබදවද අමාත්‍යවරයා සහ අදාළ අංශ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි. එසේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම රැකියා පිළිබදවද අවධානය යොමුකළ අමාත්‍යවරයා, වෘත්තීය පුහුණු පාඨමාලා විදිමත් කළයුතු බවත්, අදාළ පාඨමාලා NVQ 4 මට්ටම දක්වා ගෙන ආයුතු බවත් වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට තිහගොඩ ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ ප්‍රාදේශීය සභා නියෝජිතයන්ද ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන්ද සහභාගී වූහ.




2018 වර්ෂයේදී තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා හොඳ සේවාවක් ඉටු කළ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයුමට ලක් කිරීමට තිහගොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය සංවිධානය කරන ලද සේවා අභිමන් 2018 වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින පවත්වන ලදී.















