රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය සහ වෙහෙසකර ඔබේ මනසට සුවය ගෙනෙන සංගීතය ඔසුවකි යන මැයෙන් බහුකාර්ය සංවර්ධන ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් විශේෂඥ මනෝ වෛද්‍ය චමරි මුදලිගේ මහත්මිය, රුහුණු ගුවන්විදුලියේ සරත්චන්ද්‍ර මහතා සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී 2022 සැප්තැම්බර් මස 13 වන දින පැවැත්වුණි. ඒ අවස්ථාවට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්යාලයේ කාර්ය මණ්ඩලයත් බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

















